සංචරණ සීමා ලිහිල් කරමින් ලබා දී ඇති නිදහස දෛනික ආසාදිතයින් ඉහළ යාමට හේතුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මේ සදහා ඩෙල්ටා ප්‍රභේදයට බලපෑම් එල්ල කළ හැකි බවයි.
“ඒ වැඩිවීම අපි සුළුවෙන් තැකිය හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා සියලුදෙනාම ඉතාමත් ම සැලකිල්ලෙන් මේක තවදුරටත් හෙට 2000 දක්වා වැඩි වුණොත් අනෙක් දවසේ 2500 දක්වා වැඩි වුණොත් නැවතත් අපි මැයි මාසයේ මුහුණ දුන්න බරපතළ තත්ත්වයට නැවත මුහුණ දෙන්න ඉඩ තියෙනවා. කාර්යාලවල, වෙළෙඳසැල්වල, සුපිරි වෙළෙඳසැල්වල තිබුණු සෞඛ්‍ය පහසුකම් අද වෙනකොට යම් ප්‍රමාණයකට අඬාල වෙලා තියෙනවා. සෑම කෙනෙක් ම අත සෝදා ගෙන ඒ ස්ථානවලින් ඇතුළු වෙන්න කියන එක, විස්තර ලබාගන්න කියන ආදි ඒ කටයුතු නැවත පණගන්වලා ඉදිරියට කරගෙන යන්න කියලා කියනවා. එසේ නොවුණහොත් ඉදිරියේ දී ඇති විය හැකි රෝගී වැඩිවීමත් එක්ක නැවතත් මේ ආර්ථික කටයුතු, සාමාජික කටයුතුවල සීමාවන් ඇති කිරීමට සමහර විට නොවැළැක්වන්න හැකි කරුණක් වෙන්න ඉඩ තියෙනවා.”
මේ අතර උද්ඝෝෂණ හා පුද්ගල එක්රැස්වීම් අවම කිරීම සඳහා ඉදිරියේ දී කොන්දේසි පැනවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
“දැන් පවතින තත්ත්වය ඉතාමත්ව භයානකයි. රෝගීන් සංඛ්‍යාව දෛනිකව වැඩි වෙනවා. ඒ වගේම වැඩිවෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ පහළ වීම ඉතා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා පේන්න තියෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ බොහෝම සීමිතයි. ඔක්සිජන් අවශ්‍යතාවය ඉතාම ඉහළ ගිහින් කියලා විශේෂඥයින් අනතුරු ඇඟවනවා. ඒ නිසා පවතින තත්ත්වය ඉතාම අවධානම්. එය සලකා බලමින් සමාජය තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට මහජනතාව පෙළඹවීමට ඕනෑම මොහොතක නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට හෝ අනෙකුත් ආයතනවලට නිර්දේශ ලබාදීමට කටයුතු කරනවා.“