කොරෝනා දත්ත සඟවලා / දිනකට ආසාදිතයන් 5,000 පැනලා – ජනිපෙ මන්ත්‍රී මුසම්මිල් හෙළිකරයි

කොරෝනා ආසාදිතයන් පිළිබද දත්ත මේ වන විට වෙනස් කරමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

පසුගිය පස්වනදා සිට දෛනික ආසාදිතයන් 5,000 ක් ඉකමවා තිබුණ ද එය සඟවා කටයුතු කරන බවද ඔහු මාධ්‍ය හමුවේ චෝදනා කළා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් දෙදෙනකු හා යුධ හමුදාවේ ඉහළ නිලධාරියකු ද මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ බවට ඔහු මෙහිදී චෝදනා කර තිබෙනවා.

11 වැනිදා මෙරටින් ආසාදිතයන් 5415ක් වාර්තා වී ඇති බවත් දත්ත සැඟවීම කොරෝනා ව්‍යාප්ත කිරීමේ සැලසුමක් බවටයි මෙහිදී මන්ත්‍රීවරයා අදහස් පල කළේ.

https://www.facebook.com/watch/?ref=external&v=4292794284093238

පුවත යවන්න