කොරෝනා නව ප්‍රභේදය තරුණ ප්‍රජාවට අවදානම්

කොරෝනා නව ප්‍රභේදයක් මෙරට පවතින බව ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් – 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් මහාචාර්යවරිය සඳහන් කළේ , පළමු, දෙවැනි රැළිවලට වඩා වෙනස් ආකාරයට මෙම නව ප්‍රභේදය හැසිරෙමින් පවතින බවයි.

තව ද මෙම නව ප්‍රදේභදය කුමක් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ද ඇය සදහන් කළා.

එක් අයෙකුගෙන් තවත් 5, 6 දෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව පවතින බවත් වෛරසය ආසාදනය වන තරුණ ප්‍රජාවට ද දරුණු රෝග ලක්ෂණ මතු වීමේ ප්‍රවණතාවක් ද ඇති බව ඇය එහිදී සදහන් කළා.

පුවත යවන්න