කොරෝනා එන්නත්කරණය ක්‍රියාත්මක නොවූ ග්‍රාම සේවා වසම් සැළකිය යුතු සංඛ්‍යාවක් තවදුරටත් රට තුල පවතින බව සමගි ජන බලවේගයේ , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ කොරෝනා දත්ත වල නිරවද්‍යභාවය පිළිබද මේ දක්වාම බරපතල සැකයක් පවතින බව වගකිව යුතු පාර්ශව විසින් පෙන්වා දී ඇති බවයි.
මෙම නිවැරදි දත්ත අනාවරණ නොවීම වසංගතය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලට බරපතල බාධාවක් බවට පත්විය හැකි බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
මෙරට තුල කොරෝනා වසංගතය අවසන් වන තෙක්ම සිය මන්ත්‍රී වැටුප කොවිඩ් වැළැක්වීමේ වැඩපිලිවෙල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බවයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ,ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් සදහන් කළේ.
රජය පාර්ශවයේ ඇතැම් පිරිස් වැටුප පරිත්‍යාග කිරීම ප්‍රතික්ෂේප කළ ද රජයේ සේවකයන් වැටුප පරිත්‍යාග කරන තෙක් ඔවුන් බලා සිටින බවටද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළා.