කොරෝනා නිසා ආයතන වැසුවොත් සේවකයන්ට වන්දි ලබාගැනීමට අවස්ථාව

කොරෝනා වසංගත තත්වය හමුවේ කිසියම් ආයතනයක් වසා දැමීමට සිදුවුවහොත් සේවය අවසන් කිරීමේ පනත යටතේ සේවකයින්ට වන්දි ලබා ගැනීමට ඉඩකඩ සලසා දී ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට  රැකියා අවස්ථා 15,000ක් පමණ අහිමි වී ඇති බවයි.

මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකරන බව ද ඔහු සදහන් කළා.

පුවත යවන්න