කොරෝනා නීති කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ පඩිත් කපයි

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී පෙරේදා රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. මේ තිදෙනාට එරෙහිව ක්‍රීඩා තහනමක් පැනවෙන අතර ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන දින 14න් පසු වහාම විනය පරීක්ෂණයක් පවත්වා දඩුවම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් වේ.

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් මීට පෙර ද විවිධ වැරදි හේතුවෙන් දඬුවම් හා අවවාද ලැබ ඇත. -Dinamina

පුවත යවන්න