කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමාදනය යන ක්‍රමවේද දෙක සඳහාම අනුමැතිය ලබාදෙමින් නිර්දේශ ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ සභාපතිනිය පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය හිරු නාලිකාවට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා එහි අවසන් වාර්තාව ටසෟඛ්ය අමාත්‍යාංශයට භාරදුන් බවයි සභාපතිනිය පැවසුවේ.
භූමදානය කරන්නේ නම්,
- ඒ පිලිබද නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කල යුතු අතර ඔහු එය අධීක්ෂණය කළ යුතුය
- මෘත දේහය එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාම තහනම්
- භූමදානය පැය 24ක් තුල කළ යුතුය
- පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් දේහය බැලීමට අවසර
- ජලයට නිරාවරණය නොවන ලෙස මල සිරුරූ බහාලන බෑග් දෙකක දමා මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය
- ආගමික නායකයෙකුට ආගමික කටයුතු සඳහා අවසර
- මිනි පෙට්ටියට බාහාලිමෙන් පසු කිසිම හේතුවක් විවෘත නොකළ යුතුය