කොරෝනා මැද ඇරඹුණු සිරිපා වන්දනා සමය අවසන්

සිරිපා වන්දනා සමය අදින් නිමාවට පත්වනවා.

ඒ අනුව සිරිපා මලුවේ තැන්පත් කරතිබූ සධාතුක කර`ඩුල සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරයට වැඩම කරවීමේ කටයුතු නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් මත සිදු කළ බව ශ‍්‍රී පාදස්ථානාධිපතිල රත්නපුර මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායකල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි පැවසූහ.

සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ සිරිපා මලූවෙන් ආපසු වැඩම කරවීම අවස්ථා දෙකක දී අද සිදුකරනු ලැබීය.

ඒ අනුව උදෑසනින්ම රත්නපුර සහ කුරුවිට එරත්න පාර ඔස්සේ වැඩම කර තිබූ සධාතුක කර`ඩු, දේව ප‍්‍රතිමා සහ පුජා භාණ්ඩ ආපසු වැඩම කරවන ලදී. ඒවා රත්නපුර ශ‍්‍රී පලාබද්දල ශ‍්‍රීපාද රාජමහා විහාරස්ථානය වෙත පාගමනින් වැඩම කරවනු ලැබීය.

එම පූජාභාන්ඩ දහවල් 11.30 පමණ වනවිට ශ‍්‍රී පලාබද්දල ශ‍්‍රීපාද රාමහා විහාරස්ථානයට ළඟවිය. එතැන් පටන් අලංකාරව සැරසූ රථ දෙකකින් එම පූජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.

අජිත්ලාල් ශාන්තඋදය

පුවත යවන්න