කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට ද දකුණු අප්රිකාවේ නව කොරෝනා ප්රභේදය යලි වැළදිය හැකි බව අනාවරණ වී තිබෙනවා.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේ , සියයට 30ක ආසාදිතයන්ට මෙම නව ප්රභේදය වැළදෙන බව නව පරීක්ෂනයෙන් හෙළිවන බවයි.
මේ සඳහා පවතින එකම විකල්පය ලෙස එන්නත්කරණය නම් කර තිබුණ ද දකුණු අප්රිකාවේ නව ප්රභේදය එන්නත් මගින් වැළැක්විය හැකි ද යන සැකයයි මේ වන විට නිර්මාණය වී ඇත්තේ.
ඒ අනුව දකුණු අප්රිකානු කොරෝනා ප්රභේදය පිළිබද ලෝකයේ වැඩි සැළකිල්ලක් යොමුවිය යුතු බවයි පර්යේෂකයන් පවසන්නේ.
දැනුට දකුණු අප්රිකානු කොරෝනා ප්රභේදය වැළදුණු පුද්ගලයන්ගෙන් සියයට 30ක්ම මීට පෙර වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයන් වීම විශේෂත්වයක්.
ඒ අනුව ආසාදනයවී සුවය ලබන පුද්ගලයන්ට හිමිවන ස්වාභාවික ප්රතිශක්තියට ද මෙම ප්රභේදය බලපෑම් එල්ල කර තිබීම බරපතල තත්ත්වයක් වනවා.