කොරෝනා ආසාදනය වුවහොත් ගැබිණි මව්වරුන් දැඩිව ප්‍රවේසම් විය යුතු බව කාසල් වීදිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.
අද ලංකාවේ ගර්භනී මව්වරුන් ඉන්නවා 331,000 ක් පමණ අවුරුද්දකට දරු උපත් සිද්ධ වෙනවා. දැනටත් අපි ගත්තොත් එහෙම ගර්භනී කාන්තාවන් 1000 ක් පමණ මේ කොරෝනා රෝගය වැළඳිලා සුවපත් අතට හැරිලා තියනවා පසුගිය මාස 06 ඇතුළත. පළවෙනි සති 28දී මේ රෝගය හැදෙන කාන්තාවන් සීයට අසූවක් විතර අපි ගත්තොත් එහෙම මේ ගොල්ලන්ට කිසිම රෝග තත්ත්වයක් නැහැ. PCR පරීක්ෂණ කළොත් විරතයි හොයා ගන්න පුළුවන් මේ මවුවරුන්ට මේ රෝගය තියනවද කියලා. සීයට විස්සක් පහලොවක් වගේ ගත්තොත් මේ ගොල්ලන්ට මේ රෝග ලක්ෂණ මතු වෙනවා. මොනවද මේ රෝග ලක්ෂණ මතු වෙන්නේ මේ නව කොරෝනා ප්‍රභේදයේ ඒ ගොල්ලන්ට කැස්ස එන්න පුළුවන් සෙම්ප්‍රතික්ෂාව ඊළඟට මාංශපේශී වේදනාව එන්න පුළුවන් ඊළඟට තවදුරටත් මේ රෝගය වැඩි දියුණු වුණොත් මේ ගර්භනී කාන්තාවන්ට නියුමෝනියා රෝගීතත්වයට පැමිණෙන්න පුළුවන් ඉඩකඩ තියනවා. සති 28ට අඩු මවුවරුන්ගේ දැනට තියන විද්‍යාත්මක සාක්ෂි අනුව කියන්න පුළුවන් ගබ්සාවන් වීමේ හැකියාව ඉතාම අඩුයි. ඊළඟට දරුවාට තිබෙන සංකූලතාවයන් අඩුයි . පළවෙනි සති 28 තුළ . දෙවැනි සති 28 ගත්තොත් එහෙම මේ සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. දෙවැනි සති 28න් පසුව මේ කොරෝනා රෝගය මවුවරුන්ට වැළඳුණොත් ඒ මවුවරු ඉතාමත්ම ප්‍රවේසම් වෙන්න ඕන. ඊළගට අපිට කියන්න පුළුවන් මේ රෝගී තත්ත්වයන්ගෙන් බේරෙන්න විශේෂයෙන් ගත්තොත් එහෙම මාක්ස් එකක් හැමතිස්සෙම පළදින්න. සමාජ දුරස්තභාවය රැකගන්න. අත් සැනටයිෂේෂන් පාවිච්චි කරන්න හැම තිස්සෙම. පුළුවන් නම් තමන්ගේ වැඩ කරන කාන්තාවන් ඉන්නවා නම් ගෙදර ඉදන් වැඩ කරන්න.