කොළඹ නගරයට ඇතුළු වන රථවාහන පරීක්ෂා කිරීමෙන් පසුව විශේෂ ස්ටිකරයක් හදුන්වාදෙන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පරීක්ෂා කළ දිනට පමණක් වලංගු වන පරිදි අදාළ ස්ටිකරය නිකුත් කරන බවයි.
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස් සඳහා ප්‍රමාදයන් සිදුවන බවට ලද පැමිණිලි සලකා බැලීමෙන් පසුවයි.
කිසියම් පුද්ගලයෙකු යම් අසත්‍ය තොරතුරක් ලබා දී කොළඹ නගරයට ඇතුළු වන බවට සැකයක් ඇති වුවහොත් එවැනි වාහන වෙත ස්ටිකර් නිකුත් නොකරන බවත් එවැනි වාහන නැවත නැවත පරීක්ෂා කිරීමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.