කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බරපල මට්ටමින් ව්‍යාප්ත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මෙම ට්විටර් පණිවිඩයට ඩෙල්ටා ප්‍රභේදයේ ජූලි මාසයේ ව්‍යාප්තිය පෙන්වා දෙන රූප සටහනක් එක් කරන ආචාර්ය ජීවන්දර සඳහන් කරන්නේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය සිත සසල කරන මට්ටමින් පැතිර යන බවයි.
ජූලි මස මුල් සතිය තුළදී කොළඹ නගරයේ කොවිඩ් 19 ආසාධිතයින් ගෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් ඇල්ෆා ප්‍රභේදය සතු කරගෙන තිබුණු අතර ආචාර්ය ජීවන්දර ට්විටර් පණිවිඩය හරහා නිකුත් කළ සටහනේ දැක්වෙන ආකාරයට මෙම තත්ත්වය ජුලි 31 වන විට උඩු යටිකුරු වී තිබෙනවා.
මෙරට කොරෝනා රෝග තත්ත්වය සහ ව්‍යාප්තිය පිළිබඳ වඩාත් විශ්වසනීය තොරතුරු සපයන ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයෙහි ආචාර්ය වරයාට අනුව ජූලි මස 31 වනදා වන විට කොළඹ නගරයේ කොරෝනා ආසාධිතයින් ගෙන් 90%ට වැඩි ප්‍රමාණයකට ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.