කොළඹ කොටස් හුවමාරුව කොළඹ වරාය නගර ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුවා.
ඒ කොළඹ වරාය නගරය තුළ කලාපීය පිළිගත් මූල්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ඇතිකිරීමේ අරමුණෙන්.
කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හුවමාරුවක් ඇති කිරීමේ සාමූහික අරමුණ ද සහිතවයි මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ. මෙම හුවමාරුව කලාපීය හා ගෝලීය ආයෝජකයින් සදහා නව දොරටුවක් ද වනවා.
මෙරට ප්‍රාග්ධන වෙළෙදපොල තවදුරටත් සංවර්ධනය කිරීම සදහා කටයුතු කිරීමට කොළඹ කොටස් හුවමාරුව, කොළඹ වරාය නගර ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ පළමු පියවර තැබීම සතුටක් බවයි කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.