කොළඹ නගරය ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය මේ වන විට වැඩිවී ඇති බවත් පසුගිය කාලය පුරාවට 2% ප්‍රමාණයකට තිබූ එය මේ වන විට 8% දක්වා ඉහළ නැග ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසනවා.
කොරෝනා ව්‍යාප්තිය පසුගිය බ්‍රහස්පතින්දා දින සිට වැඩිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම අද (20) දිනයේ සිට උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ යන ප්‍රදේශවල අහඹු ලෙස PCR පරීක්ෂණ කිරීම ආරම්භ කළ බව ඔහු කියා සිටියා.
එමෙන්ම දිනකට PCR පරීක්ෂණ 500 – 600 අතර ප්‍රමාණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර මහජනතාව වැඩිපුර ඒකරාශී වන ස්ථානවල මෙම අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව රුවන් විජයමුණි මහතා සදහන් කළා.