කොළඹ අවට පැතිරුනු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට රටේ පිට පළාත්වලටද පැතිරීමට පටන්ගෙන ඇතැයි ශ්රිී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.එහෙත් මෙරට සිදු කෙරුනු සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් ලබන මස නිමා වනවිට යම් සහනදායි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ඔහු කියා සිටී. කොළඹ සියලු දෙනාට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා බව හඳුනාගෙන තිබේ.
මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 23 ක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ළගා විය.මින් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් ශ්රීී ලංකාව මුදල් ගෙවා ලබා ගත් ඒවාය’ ඊට අමතරව චීන හමුදාව ශ්රීි ලංකා හමුදාවට පරිත්‍යාග කළ මාත්‍රා තුන් ලක්ෂයක් ද පවතී.මේ දක්වා සයිනොෆාම් එන්නත් මාත්‍රා එක්කෝටි 80 ලක්ෂයක් ශ්රීී ලංකාවට ලැබී තිබේ මේ මාසයේදී පමණක් ලැබී ඇති එම මාත්‍රා සංඛ්‍යාව 70 ලක්ෂයකි.
මේ අතර අදත් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 287 කදි එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 14 ක් ක්‍රියාත්මකයි.ගම්පහ එම සංඛ්‍යාව 21 කි. කඵ’තර ස්ථාන 24 කදි එන්නත ලබා දෙනු ඇත. කුරුණෑගල ස්ථාන 17 කදීත් මහනුවර ස්ථාන 16 කදිත්ි මොණරාගල ස්ථාන 18 කදිත් රත්නපුරේ ස්ථාන 30 කදිත් ත්‍රීකුණාමලය මඩකලපුව ස්ථාන 16 කදිත් අම්පාරේ ස්ථාන 38 කදිත් එන්නත ලබා දෙනු ඇත. අනිකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මකයි.