කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය කොරෝනා විකෘතිය බව හෙළිවෙයි

කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යමින් පවතින්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ අදාළ ප්‍රදේශවලින් ලබාගත් සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇති බවයි.
එම ප්‍රභේදය ඊ 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත් මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න