කොළඹ වරාය නගරයේ භූමිය අයිති ශ්‍රී ලංකාවට පමණයි / අධිකරණ ඇමති

කොලඹ වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද ප්‍රකාශ කළා.
වරාය නගර ආර්ථික කොමිසමේ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

“ලෝකයේ ආයෝජකයෝ බලන දර්ශක 2ක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර කරන්න වඩාත් සුදුසු රටවල් කොහෙද කියලා බලනකොට අපි ඉන්නේ 99 වන ස්ථානයේ. ඒ කියන්නේ තවත් රටවල් 98ක් පහුකරලා අපි එන්න ඕනේ. ඒ වගේම ගිවිසුමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුණාම අධිකරණ ක්‍රියාවලියට ගියාම අපි ඉන්නේ 165 වන ස්ථානයේ. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕනේ ආයෝජකයා ලබාගන්න. මේ ආයෝජන කළාපය සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටයාර 269යි. හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඒවා දෙන්න බෑ. හෙක්ටයාර 116ක් (43%) ව්‍යාපෘති සමාගමට. 2013 ඔවුන් තමයි බිලියන 1.4ක් වියදම් කරලා මේක දියුණු කළේ. නැත්නම් අපිට තාම තියෙන්නේ මුහුදෙ කොටසක් විතරයි. සියයට 23ක් රජයේ කොටස්. හැබැයි මේ 100%ම රජයට අයිති, රජය තමයි අයිතිකාරයා. වෙන කාටවත් භූමි භාගයක් දුන්නා කියන එක සම්පූර්ණයෙන්ම බොරු.”

පුවත යවන්න