ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 226 ක්.
මොරටුවෙන් ආසාදිතයන් 23ක් ,පිළියන්දලින් 19 ක් , අවිස්සාවේල්ලෙන් 16 ක් ලෙස ආසාදිතයන් වාර්තා වුණා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 82 යි.
කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 52 යි.
කුරුණෑගලින් ආසාදිතයන් 71 ක් වාර්තා වූ අතර පන්නලින් ආසාදිතයන් 44 යි.
මොනරාගලින් ආසාදිතයන් 45 ක් හඳුනාගත් අතර ඉන් 30 දෙනකු මොණරාගල නගරයෙන් වාර්තා වුණා.
මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 61 යි.
ඉන් 39 දෙනකු දඹුල්ලෙන් වාර්තා වනවා.