ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා.
එම අගය 326 ක්.
කොළඹ මහ නගර සභා සීමාවෙන් 102 ක් හා පිලියන්දලින් ආසාදිතයන් 51 ක් වාර්තා වුණා.
ගම්පහ දිස්ත්රික්කයේ ආසාදිතයන් 273 යි.
වත්තලින් ආසාදිතයන් 37 යි.
කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 309 ක් වාර්තා වනවා.
මොරගහහේනෙන් 60ක් හා මතුගමින් ආසාදිතයන් 50ක් වාර්තාවී තිබෙනවා.
මහනුවර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 153 ක් හා ගාල්ල දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 131ක් වාර්තා වුණා.