ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් සීදූව, බණ්ඩාරගම, වත්තල හා මිල්ලනියෙන්

ගතවූ පැය 24 තුල වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 591 ක්.

සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 95ක්, වත්තල 50ක්, කැලණිය 33ක්, මිනුවන්ගොඩ 31ක්, කඩවත 30, ජා- ඇල 36, නිට්ටඹුව 25ක්, කාටුනායක 23, මීගමුව 20ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 434 දෙනෙකු වාර්තා වී ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.

මහරගම 30ක්, පිළියන්දල 20, නවගමුව 15, මිරිහාන 12, හංවැල්ල 13, අවිස්සාවේල්ල 22, කොම්පඤ්ඤවිදිය 38, නාරාහේන්පිට 35, බොරැල්ල 31 සහ මරදාන 22ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු වාර්තා වුණා.

බණ්ඩාරගම 85ක්, පානදුර – දකුණ 33ක්, මිල්ලනිය 39ක්, ඉංගිරිය 30ක්, පානදුර – උතුර 22ක් සහ වාද්දුව 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 127 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මිට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් 78ක්, ගාල්ල 24ක්, යාපනය 08ක්, කෑගල්ල 32ක්, පුත්තලම 17ක්, අනුරාධපුර 23ක්, මාතර 32ක්, පොළොන්නරුව 05, මාතලේ 35ක්, අම්පාර 19, නුවරඑළිය 13, රතන්පුර 53ක්, වව්නියාව 01, හම්බන්තොට 06, බදුල්ල 03, මොණරාගල 05, මන්නාරම 06, ත්‍රිකුණාමලය 09ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 25ක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේ.

පුවත යවන්න