ගෑස් සැපයීම තවදුරටත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

ගෑස් සැපයීම තවදුරටත් සිදු කෙරෙන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ, ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බවය.

මේ මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.

එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

පුවත යවන්න