ගිනියා දේශයේ හමුදා කදවුරක සිදුවූ පිපිරීමකින් සෙබළුන් 20 දෙනකු මියගොස් හමුදා සාමාජිකයයන් හා සිවිල් වැසියන් 600 දෙනකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ කදවුරේ සිදුවූ පිපිරීමෙන් පසු දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් ගිනි ගැනීම මෙම තත්ත්වයට හේතුවූ බවයි.
පිපිරීම සමග එහි පැවැති පුපුරණ ද්‍රව්‍ය හා අවි නගරය පුරා විසිර ගොස් තිබුණා.
ඒ අනුව සිවිල් වැසියන්ගේ දේපල රැසකටම හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
එම සුන්බුන් තුල විශාල පිරිසක් සිරව සිටින බවටද සැක මතුව තිබෙනවා.