ගුවන් තොටුපළ වසා දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටුව මගින් යළි සලකා බලනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පසුගිය 21 වනදා සිට මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා දින 14ක කාලයක් සදහා තාවකාලිකව අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබුණා.
රටතුළ පනවා ඇති සංචරණ සීමා සහ කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් තොටුපළ තවදුරටත් වසා තැබීම හෝ දැනට පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබද තීරණය කොවිඩ් මර්දන කමිටුව මගින් ගනු ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ.
මෙරටට පැමිණෙන මගී ගුවන් යානා තාවකාලිකව අත්හිටුවුවද මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා එය බාධාවක් නොවෙනු ඇත