ගෝඨාභය අස් නොවුණොත් අන්තර් වාර පාලන බෑ / ජවිපෙ අවසන් තීරණය කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ කවර මට්ටමක හෝ අන්තර්වාර පාලනයකට සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ එවැනි කිසිදු යෝජනාවකට පක්ෂය කිසිසේත් එකඟ නොවන බවයි.
මහජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ජනතාව විවිධ දුක් ගැහැට මැද පීඩා වින්ද ද බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයා උනන්දු වන බවද පැවසුවා.
”රටේ ස්ථාවරත්වය තවදුරටත් පිරිහී ගියත්, විවිධ දුෂ්කරතා නිසා මහජනතාව පීඩාවට පත්වුණත් පාලනය බිඳ වැටුණත්, ගෝඨාභය රාජපක්‍ෂ බලන් ඉන්නේ බලය අල්ලාගෙන ඉන්න”
සහෝදරයන් හා ඔවුන්ගේ පුතුන්ගෙන් සැදුම්ලත් මේ පාලනය රටේ ජනතාව විසින් අවසන් කළ යුතුයි. මහජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සහ ජාතිය ගොඩනැගීමට රජයට නොහැකි බව පුන පුනා ඔප්පු වී තිබෙනවා”
ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතා බලය යෙදවිය යුතු බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා

පුවත යවන්න