ඉන්දියාව විසින් සඳ වෙත යොමුකළ චන්ද්‍රයාන් 2 යානය අවසන් මොහොතේ කඩා වැටුණද ,චන්ද්‍ර කක්ක්ෂයේ පවතින මව් යානය වසර 7ක් ක්‍රියාත්මක වන බව ඉන්දීය රජයේ අමාත්‍යවරයකු වන ජිතේන්ද්‍ර සිං පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ ලෝක් සභාව හමුවේ නැගුනු පැනයකට පිළිතුරු ලබාදෙමින්.
මෙම කක්ක්ෂ යානය වසරක් වෙනුවෙන් නිර්මානය කළද එයට වසර 7ක් දක්වා සක්‍රීය විය හැකි බවයි මෙහිදී හෙළිකර ඇත්තේ.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල් අපතේ යාමක් සිදු නොවූ බවද අමාත්‍යවරයා හෙලිකර තිබෙනවා.
සඳට යානයක් ගොඩබැස්වූ 4 වන රට බවට පත්වීමට ඉන්දියාව දැරූ උත්සාහය මෙන්ම ඊශ්‍රායලය දැරූ උත්සාහයද අවසන් මොහොතේ අසාර්ථක වුණා.