චීනය ආර්ථිකයට පහර දෙනවා / ඕස්ට්‍රේලියාවෙන් චෝදනා

චීනය විසින් තම රටේ ආර්ථිකයට උපක්‍රමිකව පහර දෙමින් සිටින බව ඕස්ට්‍රේලියානු ලිබරල් සෙනෙට් සභික ජේම්ස් මැක්ග්‍රාත් පවසනවා.
ආරම්භයේදී ඕස්ට්‍රේලියානු හරක් මස් අපනයනයට බලපෑම් කළ චීනය ල වයින් අපනයනය සහ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වෙත පැමිණෙන චීන සිසුන්ද වළක්වාලමින් සිටින බවයි සෙනෙට් සභිකයා පවසන්නේ.
මෙය වඩාත් පැහැදිලිව හදුනා ගනිමින් ඕස්ට්‍රේලියාව උපක්‍රමශීලී ප්‍රතිචාර පළ කළ යුතු බවද ඔහු කියා සිටියා.
ඕස්ට්‍රේලියානු හා චීන අර්බුධය ආරම්භ වූයේ කොරා්නා වසංගතයේ ආරම්භය පිළිබද ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශය බවට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සිදුකළ ප්‍රකාශය සමගයි.
ඉන් පසු දෙරට අතර වෙළද ගනුදෙනු රැසකටම මේ වන විට බලපෑම් එල්ලවී තිඛෙනවා.

පුවත යවන්න