චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේදී රථ පෙළට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බොරැල්ල ප්‍රදේශයේදී බාධා කරමින් නීති විරෝධි රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළ පුද්ගලයා ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ දර්ශන සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත්වීමෙන් පසුවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය 27 වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා කොළඹට පැමිණෙන රථ පෙළ සඳහා බොරැල්ල ප්‍රදේශයෙන් සෙසු වාහන ධාවනය සීමා කර තිබීයදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.