Skip to content
කලාපීය උණුසුම මධ්‍යයේ චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවානයේ අසළ මුහුදේ යුද අභ්‍යාසයක නිරත වී තිබෙනවා.
තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් ඇමෙරිකා සංචාරය සිදු කර සිය රට පැමිණෙන අවස්ථාවේ දී මෙම යුද අභ්‍යාසය සිදු කිරීම විශේෂත්වයක්.
ඒ සඳහා ෂැන්ඩොන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව යොදා ගෙන තිබෙනවා.
ඇමෙරිකා කාතානායක කෙවින් මැක්කාති හමුවීමෙන් පසුවයි තායිවාන ජනාධිපතිනිය යළි පැමිණ තිබුණේ.
අදාළ නෞකාව තායිවානයට කිලෝ මීටර 370ක් ඕබ්බෙන් පිහිටි මුහුදේ ගමන් කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍ය චියු කුවෝචෙන්ග් ප්‍රකාශ කළා.