ජනපතිගේ ගැසට් නිවේදනයට අතුරු තහනමක් / තීන්දුව මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් හා මැතිවරණයක් කැදවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම දෙසැම්බර් 07  වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය මේ යටතේ තාවකාලිකව බල රහිත වනවා.

එසේම මීට අදාළව ඉදිරිපත්වූ සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර විසුරුවා හැරීම නීති විරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සලකා බලා ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි.

ඊයේ දිනයේදී මෙම පෙත්සම් විභාගය ඇරඹුණු අතර පෙත්සම් 13ක් ඊට අදාළව ඉදිරිපත්ව තිබුණා.

එසේම අදාළ පෙත්සම්වලට එරෙහිව පෙත්සම් 5ක්ද ඉදිරිපත්වූ අතර එම පෙත්සම්ද අද සලකා බැලුණේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

නීතිපතිවරයාද අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විසුරුවා හැරීම ජනාධිපතිවරයා සිදුකළ ආකාරය නීත්‍යානුකූල හා ව්‍යවස්තානුකූල බවයි.