ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණ කොවිඩ් මර්දන කමිටුව ගත් විශේෂ තීරණ

සෞඛ්‍ය නිර්දේශ අනුවල ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිඛෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අතර එහිදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ලෝකයේ රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කර අසීරුවෙන් ලබා ගත් එන්නත් විනිවිද භාවයෙන් සහ විධිමත්ව සිදුකළ යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් සහ වයස අවුරුදු 60ට වැඩි එන්නත්කරණය කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා මෙහීදි පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

කොවිඩ් නොවන මරණල පීගසීගආර්ග පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව එල්ලවන චෝදනා පිළිබදව ද කමිටුවේ අවධානයට යොමුව ඇත.

එය සැලකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට කොවිඩ් විශේෂ කමිටුව තීරණය කර තිඛෙනවා.

පුවත යවන්න