ජනාධිපතිවරයා පත්කරගැනීම සඳහා පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි නම් පාර්ලිමේන්තුවට පිටතින් ඒ සඳහා සිවිල් ක්‍රියාකාරීන් යෝජනා කිරීමට සූදානම් බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්
“සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම බලාපොරොත්තු වන පරිදි හෙට දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්මා සිය ජනාධිපති පදවියෙන් ඉල්ලා අස්වෙනවා කියන බලාපොරොත්තුව අපි හැමදෙනාගේම තියෙනවා. හෙට දවසේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම මගින් උද්යෝගීමත්ව ජනතාව කරන ඉල්ලීම, උද්ඝෝෂණ මගින් සමස්ත රටම ඒකරාශීව කරන ඉල්ලීම සම්පූර්ණ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.”
“ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම මගින් ජනතාව කරන ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉටුකරනු ඇති කියලා අපි බලාපොරොත්තු වනවා. ඉන් පසුව රට අරාජික තත්ත්වයට පත්නොවී පරිපාලන කටයුතු දිගටම පවත්වාගෙන යා හැකි වනවා කැබිනට් මණ්ඩලය විසිරී යන්නේ නෑ. දැන් පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය විසඳන්නට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම අත්‍යාවශ්‍යයි කියන එක තමයි ජනතාවගේ මතය. අපි බලාපොරොත්තු වනවා එය ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වෙයි කියලා.”
“හෙට දවසේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ ගාලුමුවදොර අරගල බිමේ මේ දක්වා කැපවීමෙන් කටයුතු කළ සහ කරන තරුණ සොහොයුරන් සොහොයුරියන් ඒ වගේම සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාව යම් ආකාරයකට සෑහිමකට පත්විය යුතුයි තමන්ගේ ඉල්ලීම ඒ ආකාරයෙන් ඉටුවීම සම්බන්ධයෙන්. ඒ නිසා ඉන් අනතුරුව ඉල්ලා අස්වීමත් සමගම තමන්ගේ බලාපොරොත්තු ඉටුවුණු පරිසරය යටතේ දැනට ජනතාවගේ සන්තකයට පත්කොටගෙන තිබෙන, ඒ කියන්නේ ජනතාවගේ භාරකාරත්වයට පත්කොටගෙන තිබෙන ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ජාතික සම්පත් නිදහස් කළ යුතුව තිබෙනවා. කුමක් හෙයින්ද රටේ ආරක්ෂාව පිළිබඳව වර්තමානයේ ජනාධිපති ධුරය අක්‍රීයව සිටින තත්ත්වයක් යටතේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නෑ. ආරක්ෂාව භාරව ඉන්නේ ජනතාවමයි. ඉදිරියට මේ ආරක්ෂාව දිගට පවත්වාගෙන යාම බරපතළ ප්‍රශ්නයක් වෙයි මේ වැදගත් ජාතික වස්තූන් විනාශ කිරීම සඳහා අපි නොදන්නා ආකාරයේ කුමන්ත්‍රණ පවා ක්‍රියාත්මක විය හැකියි. ඒ නිසා හෙට දවසේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟම ඒ ජාතික සම්පත් සාමාන්‍ය තත්ත්වයේ ආරක්ෂක අංශවලට පැවරෙන ආකාරයට කටයුතු කරන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා.”
“අන්තර්වාර කාලයක් සඳහා පත්කරගනු ලැබීමේදී දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු ඒ ක්‍රියාකාරීන් ක්‍රියාකළ යුත්තේ කටයුතු කළ යුත්තේ ජාතික අවශ්‍යතා මුල්කරගෙන පොදු එකඟතාවයකට පත්වෙන අකාරයෙන්. අපි පක්ෂ නායකත්වයට සියලුම මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනවා සියලුම දෙනා තමන්ගේ පක්ෂ අරගලය නවත්වලා බල අරගලය නවත්වලා. පොදු එකඟතාවයකට පත්වෙන්න කියලා. පොදු එකඟතාවයකට පත්වී අන්තර්වාර කාලය සඳහා පරිපාලන කාර්යය ශක්තිමත් කරගැනීමට ජනාධිපතිවරයෙකු පත්කරගැනීම අත්‍යවශ්‍යයි. ඒ ජනාධිපතිවරයා ඉදිරි නිල කාලය තුළ ක්‍රියාත්මක වනවා. මේ ජනාධිපතිවරයා පත්කරගැනීමේදී ඔබට පොදු එකඟතාවයකට පත්වෙන්නබැරිනම් අපි සූදානම් ඒ සඳහා සුදුසු පුද්ගලයින් ඉදිරිපත් කරන්න.”
“පාර්ලිමේන්තුවට පැවරෙනවා වගකීමක් පක්ෂ නායකත්වයට පැවරෙනවා වගකීමක් අප ඉදිරිපත් කරන පොදු නායකත්වය සඳහා වූ සිවිල් සාමාජිකයින් පත්වීමට ඉඩ සැලසීම වශයෙන් පස්දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වෙන්න, ඔවුන් ඉල්ලා අස්වුනාට පස්සේ අපි සූදානම් ඒකට අදාළ සුදුසු සිවිල් ක්රියාකාරකයන් මේ අඩුපාඩුව පුරවන්න පත්කරන්න. ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කියලා අපි පක්ෂ නායකත්වයට කරුණාවෙන් මතක් කරනවා.”