ජනපති ඉතිහාස ගතවන හැටි මංගල කියයි
ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතවරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සමරවීර මහතා මේ බව සදහන් කළා.2015-2018 කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදි සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිසමක් පත්කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
In another feeble attempt to justify the illegal sacking of @RW_UNP , @MaithripalaS while meeting the #FCA says he will appoint a Presidential Commission to look into corruption during his period. #CoupLK #ConstitutionalCrisisLK 1/2
— Mangala Samaraweera (@MangalaLK) November 25, 2018