ජනපති /මහින්ද රාජපක්ෂ හා පොදුජන පෙරමුණ විශේෂ සාකච්ජාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , මහින්ද රාජපක්ෂ මහතා හා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
අද පස්වරුවේ ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතව සිටි එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින්ට මෙතෙක් ඒ සදහා අවස්ථාවක් හිමිව නොමැති බවද වාර්තාවනවා.