ජනපති සටනට අනුර , ඩලස් , රනිල්

මෙරට 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළ අතර එය අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ස්ථීර කළේය.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩලස් අලහප්පෙරුම ගේ නම යෝජනා කළ අතර එය අමාත්‍ය ජී. එල් පීරිස් විසින් ස්ථීර කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගේ නම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්  විසින් යෝජනා කළ අතර එය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය විසින් ස්ථීර කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු වැඩකටයුතු හෙට (20) උදෑසන 10 දක්වා කල්තැබුණි.

පුවත යවන්න