ජනපති සමග සමග කතාවක් නෑ/ විශ්වාසභංගය ගෙනා පක්ෂවල තීරණයක්

අද දිනයේදී තමන් මුණ ගැසීමට ජනාධිපතිවරයා ලබාදුන් අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය භවිතා කළ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයට විරෝධය පල කරමිනුයි.
ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග සාකච්ජාවට විශ්වාසභංගයට පක්ෂවූ කිසිදු කණ්ඩායමක නියෝජිතයින් එක් නොවන බවයි රාජිත සේනාරත්න මහතා අනාවරණ කළේ.