ජනපති හා එජාපෙ සාකච්ජාව ධනාත්මකයි / යළි සාකච්ජා අනිද්දා

පවත්නා දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ හා ජනාධිපතිවරයා අතර සාකච්ජාව එකගතාවයකින් තොරව අවසන්වී තිබෙනවා.
ඒ අගමැති ධූරයට අදාළ අවසන් තීරණය පිළිබදයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ ධනාත්මක සාකච්ජාවක් අද දිනයේ ක්‍රියාත්මකවූ බවයි.
ඒ අනුව ලබන 2 වනදා (අනිද්දා ) යළි දෙපාර්ශවය අතර සාකච්ජාවක් පැවැත්වීමටයි මෙහිදී එකගතාවය පලව ඇත්තේ.
මේ අතර දෙමල සන්ධානය හා ජනාධිපතිවරයා අතර සාකච්ජාවේදී එකගතාවය පලව තිබුණේ ලබන 5 වනදා නව අගමැතිවරයෙක් පත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටයි.