ජනාධිපතිගේ ප්‍රකාශයට නීතිමය පියවර ගන්නවා / රාජිත කියයි – Audio

අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට පෙර පැවැත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අවසන්වී තිබෙනවා.
කෙසේ වෙතත් නිදහස් සන්ධානය මෙම පක්ෂ නායක රැස්වීමට එක්ව නැහැ.
මෙම සාකච්ජාවෙන් පසු අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටියේ අදට නියමිතව තිබූ යෝජනාව අත්හිටුවා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් අද දිනයේදී විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කළ බවයි.
මේ අතර ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයට එරෙහිව නඩු පවරන බවද සේනාරත්න මහතා කියා සිටියා.