ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වී තිබේ.
ඒ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා හා ජනාධිපතිවරයා අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදීයී.
ඊට අමතරව කොරෝනා මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළ වී ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
සමුද්‍රීය අනතුරු පිළිබඳව කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා , ජපාන තානාපතිවරයාගේ අවධානය යොමු කර තිබිණ.