ඒකක 30ට වැඩි ජල පරිභෝජකයින් සඳහා ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, අඩු ආදායම්ලාභීන්ගේ ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදුනොකරන බවයි.
නව වසර සඳහා අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා එම අදහස් පළ කළා.