ජූනි මාසයේ ලංකාවේ කොරෝනා උග්‍ර වීමේ අවදානමක් /මහාචාර්ය හේමන්ත සේනානායක

ලබන මාසය තුළ කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ උත්සන්නවීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අංශයේ මහාචාර්ය හේමන්ත සේනානායක මහතා අවධාරණය කරනවා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“දැන් මේ වසංගතයේ තීරණාත්මක අවස්ථාවකට තමයි රටක් හැටියට ඇවිත් තියෙන්නේ. දිනෙන් දින රෝගීන් සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. අපි අනුමාන කරන හැටියට මේ වසංගතයේ උත්සන්නම තත්ත්වය නෙමෙයි මේ ලංකාවේ තියෙන්නේ. ජූනි මාසය විතර වෙනකොට මේක උත්සන්න වෙන්නේ කියලා අපි හිතනවා. දැන් අපේ ආරක්ෂාව වැඩිකර ගන්න ඕනේ.”

පුවත යවන්න