ටජිකිස්ථාන දේශසීමාව ආසන්නයේ දී තලේබාන්ට ප්‍රහාරයක්

ටජිකිස්ථානය ආසන්න ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි බල්ක් ප්‍රාන්තයේ , තලේබාන් ආණ්ඩුකාරවරයා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඇෆ්ගන් හමුදාව හා උතුරු සන්ධානය එල්ල කළ ප්‍රහාරයෙන් තලේබාන් සාමාජිකයන් පිරිසක් මිය ගොස් ඇති බව ඇෆ්ගන් මාධ්‍ය තහවුරු කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ලවී පවතින්නේ ටජිකිස්ථානය හා තලේබාන් පාලනය අතර දේශසීමා කලාපයේ අර්බුධයක් හට ගැනීමෙන් පසුවයි.
මේ වන විටත් උතුරු සන්ධානයට ටජිකිස්ථානය සහාය දක්වන බවට තලේබාන් පාලනය විසින් චෝදනා කර තිබෙනවා.

පුවත යවන්න