ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ වීසා නැවතත් අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා ව්‍යාජ තොරතුරු ලබාදුන් බව තහවුරුවීම සමගයි.
පසුගිය සතියේ ජොකොවික්ගේ වීසා අවලංගු කිරීමට ගත් තීරණය සඳුදා ෆෙඩරල් සර්කිට් උසාවියේදී අවලංගු කරනු ලැබූ අතර ඉන් පසුවයි ව්‍යාජ දත්ත පිළිබද අනාවරණ කෙරුණේ.
කොරෝනා වැළදී සිටි ජොකොවිච් නිරෝධායනයට ලක් නොවී පොදු ස්ථානවල සංචාරය කර තිබූ අතර නිරෝධායනයට ලක්වූ බවට වීසා අයදුම්පතේ දක්වා තිබුණා.මේ සමග නොවැක් ජෙකොවිච් හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවුරුදු 3ක තහනමක් පැනවීමටද කටයුතු කළ හැකි බවද එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.