දකුණු පැසිෆික් සාගරයේ මුහුදු පත්ලේ පිහිටි හුංගා ටොංගා ගිනි කන්ද පුපුරා යාමෙන් පසුව ටොංගා දූපත් ආසන්න කලාපයට සුනාමි තත්ත්වයක් බලපා තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ, අඩි කිහිපයකින් යුක්ත පළමු රළ ප්රහාරය ටොංගා දූපත් වෙත බලපෑ බවයි.
මේ වන විට ෆීජී, නැගෙනහිර ඔස්ටේ්රලියාව ඇතුළු කළාප රැසකටම සුනාමි අවදානමක් නිකුත් කර ඇති අතර අවදානම් කළාපවලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ටොංගා දූපත් ගිනි කන්දට වඩාත් ආසන්නයේ පවතින අතර , ගිනි කදු පිපිරීමෙන් විනාඩි 20කට පසුවයි ඊට සුනාමි තත්ත්වය බලපා තිබුණේ.
මේ පිළිබද දර්ශන සහිත නවතම තොරතුරු පහතින්.