ඩලස්ගේ අය වෙන් වෙන්න තීරණයක්

ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම ට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ ඇතුළත් වන බව ද පැවසේ.

ඩලස්අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා ට අමතරව,පොදුජන පෙරමුණේ” හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායමද ඇතළත් වනු ඇති බව පැවසේ.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත.

පුවත යවන්න