ඩෙල්ටා කොරෝනා පොකුරු බිහිවීමේ අවදානමක්

දිවයින පුරා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද (03) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා – මේ ප්‍රභේදය ලංකාවේ තිබෙන බව දැන් අපි දන්නවා. මේක තියෙන රෝගියාව අපිට ඇහැට පේන්නේ නෑ. ඒ නිසා මේ වෛරස ප්‍රභේදය ශරීරගත වූ අය අනන්තවත් ඉන්න පුළුවන්. ඒ අය මෙන්ම ඒ අයව ආශ්‍රය කරන අය සෞඛ්‍ය පුරුදු පිළිනොපැද්දොත් මේ වෛරස ප්‍රභේදය බෝ කිරීම සිදුවෙයි. මේ ප්‍රභේදය යම් යම් ස්ථානවලදී හමුවුණා කියලා මතයක් ගොඩ නැගිලා තියෙන්නේ සැහැල්ලුවෙන් කරන ප්‍රකාශ නිසා. එහෙම නැතුව සෞඛ්‍ය අංශයේ කිසිම කෙනෙක් පරීක්ෂණවලදී හෝ සාක්ෂි සහිතව මෙවැනි දෙයක් ප්‍රකාශ කරලා නෑ. සාමාන්‍ය PCR පරීක්ෂණයකට වඩා මේ වෛරසය හඳුනා ගැනීමට සෑහෙන්න කාලයක් ගත වෙනවා. දින කිහිපයක් ගතවනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්.

පුවත යවන්න