ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව මේ වන විට කොවිඩ් මර්දන කටයුතු සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති.
එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ, ඒ තුළින් රට ඉතා අවදානම් තැනකට රට තල්ලු විය හැකි බවය.
මෙරට දෛනික ආසාදිතයින් තවමත් 2,000 ඉක්මවා වාර්තා වන පසුබිමක ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
“ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකරලා නිවැරදි ප්‍රතිඵල අපට ලබාදෙන්න ඕනේ. මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි කොවිඩ් -19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.“