ඩොලරය 181 ත් පනී / 182 ට ලංවෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයේ විකිණුම් අගය දැක්වුණේ රුපියල් 181.54 ක් ලෙසයි.
ඩොලරයේ ගැණුම් මිල 177.59 ක් ලෙසයි සටහන් වුණේ.
මේ වන විට දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වෙමින් පවතින අතර එය වසරක් තුල 160ක අගය තෙක් පහත දමන බවයි බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ.