මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සියලු බලපත්‍රලාභී බැංකුවලට නියෝගයක් සිදුකර තිබෙනවා.
එහි සඳහන් පරිදි සියලු බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25% ක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කළ යුතුයි.
මේ දක්වා පැවතියේ එම අගය 10% ක් ලෙසයි.
ඒ අනුව රුපියල්වලට පරිවර්තනය කරනු ලැබූ විවිධ වූ විනිමයන්ගෙන් ලද විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවලින්, අපනයන ආදායම්වලින්, මහජනතාව අත ඇති විදෙස් මුදල්වලින් බැංකු වෙත ලැබුණු ඩොලර්වලින් 25% ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කළ යුතු වන අතර එය සතිපතා සිදුකිරීම අනිවාර්ය වනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකියි.
අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.