තනතුරු ඉල්ලූ කතා බොරු / හිටපු ජනපතිගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදී කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා.

මාධ්‍ය ඒ්කකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අමාත්‍ය ධුරයක් හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා‌ දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර නොමැති බවත් කිසිදු තනතුරක් ලබා ගැනීමට බලාපොරොත්තුවක්  නොමැති බවයි.

පුවත යවන්න