තනි පුද්ගලයකු සම්බන්ධයෙන් විශ්වාසය තබා ලෝකයේ රාජ්‍යයන් ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන්ට ආධාර හෝ උපකාර ලබා නොදෙන බව , ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අතීතයේ මෙරට සිටි ඇතැම් නායකයන්ට ලෝකය විසින් යම් උපකාර ලබාදි තිබුණද ඒවා දැවැන්ත මට්ටමේ ඒවා නොවන බවයි.
දැනට පවතින අර්බුධයෙන් මිදීම සඳහා ලංකාවට ඩොලර් බිලියන 9ක පමණ අවම ආධාරයක් අවශ්‍ය අතර දේශපාලන නායකයන් කෙරෙහි විශ්වාසය තබා එවන් ආධාර හිමි නොවන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
ලංකාවේ යම් නායකයන් පත්වීම් තුලින් ආර්ථිකයට සහන ලැබෙනු ඇතැයි විශ්වාස කළ ද ඒවා යථාර්තය නොවන බවද ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සදහන් කළා.